April 26, 2024

“නිවාඩුව ගත කරන්න ජනතාව හෝටල් වෙන් කර ගෙන“ - ඇඳිරි නීතිය ගැන තීරණයක් ගන්න දත්ත රැස් කරයි

December 19, 2020
එළඹෙන උත්සව සමයේ රටේ තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී මෙම සති අන්තයේ සිට දත්ත වාර්තා සැලකිල්ලට ගන්නා බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
උත්සව සමයේ හුදෙකලා තත්ත්වය පිළිබඳ තීරණයක් ගැනීමට තවමත් කල් වේලා පවතින බව හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ජනතාව සතුව මෙහිදී වැඩි වගකීමක් පැවරෙන බව ද එබැවින් බස්නාහිර පළාතෙන් බැහැරට යාම හැකිතාක් අවම කරන ලෙස යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියි.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් දැනටමත් ජනතාව හෝටල් වෙන් කර ගෙන ඇති බවට ද තොරතුරු ලැබී තිබේ.

එබැවින් එලෙස වෙන් කර ගෙන ගෙන ඇති හෝටල් හිමිකරුවන් හට ද දැඩි වගකීමක් පැවරෙන බව යුද හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Rate this item
(0 votes)