April 26, 2024

ජනතා ප‍්‍රශ්ණ යට ගහන්න ආණ්ඩුව බොරු කොරෝනාවක් ඇති කරලා

දිවුලපිටිය ආශ‍්‍රිතව ඇතිව තිබෙන බව කියන කොරෝනා පොකුර සත්‍ය දැයි අසත්‍ය දැයි ජනතාව තුළ සැකයක් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පවසවයි.

ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුව අමතමිනි.

අද වන විට ජන ජීවිතයේ ඇති වී තිබෙන ප්‍රශ්න යට ගැසීම සඳහා කොරෝනා ප්‍රශ්නයක් මතු කර ඇතැයි ජනතාව සැක කරන බව ඔහු කියා සිටියේය.

මෙවර කොරෝනා පැතිරීමක් ගැන පැවසුවද ඒ ගැන ජනතාව දැඩි අවිශ්වාසයෙන් සිටින බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙය සත්‍ය තත්වයක් නම් විපක්‍ෂයක් ලෙස එය මැඩලිම සදහා උපරිම සහාය දෙන බවත් ඔහු කියා සිටියේය.

Rate this item
(0 votes)