May 02, 2024

කබ්රාල් කාවෙක්: අහුවෙන අහුවෙන එක කනවා - කබීර් හෂීම්

September 21, 2021

අජිත් නිවාඩ් කබ්රාල් මහතා යළි මහ බැංකු අධිපති ධුරයට පත් කිරීම කාවෝන්ට රෙදි අල්මාරිය භාර දීමක් වගේ බව කබීර් හෂීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

කාවා කියන්නේ අහුවෙන අහුවෙන රෙද්ද කන සතෙක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රෙදි නොඇඳ නිරුවතින් සිටින බව හොඳ බවයි සඳහන් කරන්නේ.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට වෙන දේ

එසේත් නැතිනම් කබ්රාල් මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ රෙදි ටිකද විකුණාගෙන කන බවයි පෙන්වා දෙන්නේ.

මහ බැංකුවේ සේවය කළ දවුලුගල මහත්මිය ඇය දැරූ ධූරයෙන් ඉවත් ඉවත් කලේ කාවෝ ඇඳුම් පමණක් නොව පොත් පතුත් කන නිසා බව අවධාරණය කරන මන්ත්‍රීවරයා කබ්රාල් මහතාට එරෙහිව තියෙන පොත් පත් ටික තිබෙන්නේ ඇය ගාව නිසා බවයි අනාවරණය කරන්නේ.

ඒ පොත් පත් ටිකද දැන් කාවෝ කා ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

මහ බැංකු අධිපතිගේ ප්‍රතිපත්තිය

කබ්රාල් මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරද්දී economy next කියන ආයතනය මේ ඩොලර් ණය ගෙවන්නේ කෙසේදැයි ඔහුගෙන් ප්‍රශ්නයක් ඇහුව බව මන්ත්‍රිවරයා සඳහන් කරනවා.

ඊට කබ්රාල් මහතා දුන් පිළිතුර වූයේ එය හරි පහසු දෙයක් මහ තැපැල් කාර්‍යාලය , හෝටල් , සංස්ථා ආදී දේපල ටික විකුණා ණය ගෙවන බව සදහන් කළ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

මේ වගේ මතයක් තියෙන කෙනෙක් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරන්නේ මේ ආණ්ඩුවට මොළයක් තිබෙන නිසාදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්නත් නගනවා.

යල්පැන ගිය මුදල් අච්චු ගහන ප්‍රතිපත්තියට අනුබල  දෙන පුද්ගලයා කබ්රාල් මහතා ලෙස මන්ත්‍රිවරයා හඳුන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 21 September 2021 13:35