May 19, 2024

දකුණ පෙරටම

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සිට මාතර දක්වා වූ මාර්ගය   අද (15) පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.කිලෝමීටර් 30ක දුරකින් යුතු මෙම කොටස ගාල්ල පින්නදූව සිට මාතර ගොඩගම දක්වා ඉදිකර ඇත .   

රුපියල් බිලියන 18ක් වැයකරමින් ඉදිකර ඇති මෙම මාර්ගය ඔස්සේ  කඩුවෙල දක්වා පැය එක හමාරකින් ළඟාවීමට හැකි වන අතර උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් සියයකි .කඩුවෙල සිට මාතර දක්වා රුපියල් 500ක් අය කරන අතර මීට පෙර මහරගම සිට ගාල්ල දක්වා අයකරන ලද්දේද එම මුදලමය .

මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය දීර්ඝ කිරීම  ජුනි මස ආරම්භවීමට නියමිතය. 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 15 March 2014 11:54