May 19, 2024

"මැතිවරණ නොපැවැත්විය යුතුයි"- කැෆේ

මැතිවරණ කාලයට පුවත්පත් සාකච්ඡා පවත්වමින් නීති උල්ලංඝණය  කිරීමෙන් සිදුවන්නේ කැස්බෑව වැනි මුදා නොගත්  කළාප ඇතිකිරීම බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.කැස්බෑවේ මේ වන විට පොලීසියටත්, මැතිවරණ දෙපාර්තමේන්තුවටත් පාලනය කළ නොහැකි මාමා - බෑනාගේ චන්ඩි දේශපාලනයක් ක්‍රියාත්මක වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි . 

නීති විරෝධී මැතිවරණ කාර්යාලය ඉවත් කිරීමට පැමිණි මැතිවරණ නිලධාරීන්ට බැන වැදී  ඇති අතර  දේශපාලන මැරයින්ගේ ග්‍රහණයට නතුව ඇති  කැස්බෑව තවමත් මුදා නොගත් ප්‍රදේශයක් වැනි බව ඔහු ඒෂියන් මිරර් වෙබ් අඩවිය කළ කරුණු විමසීමකදී සඳහන් කළේය. 

කැස්බෑව මුදාගන්නට පොලීසියටත්, මැතිවරණ දෙපාර්තමේන්තුවටත් හැකියාවක් නැතිනම් ඡන්ද පෙට්ටිය ඡන්ද පොළ වෙත නොව    මාමා - බෑනලාගේ ගෙදරට යවා  පුරවාගෙන පැමිණ  ගණන් කරන්නට සිදුවන බව ඔහු පෙන්වා දෙයි.

Rate this item
(0 votes)