රජය පෙරළාදැමීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග කුමන්ත්‍රණය නොකළ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.පසුගියදා ඇය සහ තමන් හමුවීමෙන් පසු රජය කලබලයට පත්ව ඇති බව අවිස්සාවේල්ලේදී පැවති ජන හමුවකදී ඔහු පෙන්වා දුන්නේය .
එම හමුවීමේදී දකුණු ආසියානු ප්‍රතිපත්ති සහ අධ්‍යයන කේන්ද්‍රයේ වාර්තාව පිළිබඳව පමණක් අවධානය යොමු කළ බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය .චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ රජය පෙරලූ ආකාරයටම නියමිත කාලය පැමිණි විට බලය ලබාගන්නා බවත් එම කාල වකවානුව පිළිබඳ තමන් ඉදිරියේදී ප්‍රසිද්ධ කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.