May 07, 2024

තරුණ අරගලය හා විමුක්තිගේ දේශපාලන ගමන ගැන චන්ද්‍රිකාගෙන් ප්‍රකාශයක්

හිටපු ජනපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද තරුණ අරගලය පිළිබඳව සිය මතය ප්‍රකාශ කරනවා.

ඒ ගාලු මුවදොර තරුණ උද්ඝෝෂණය පදනම් කොටගෙන.

තරුණ උද්ඝෝෂණය

ඇය සඳහන් කරන්නේ ගාලු මුවදොර තරුණ උද්ඝෝෂණය පිළිබඳව තමන් සතුටු වන බවයි.

එම උද්ඝෝෂණය තරුණ පිරිස ඉතා ලස්සනට කරන බව පෙන්වා දෙන ඇය තමාට එය දකිද්දී සිහිවන්නේ ප්‍රංශ විප්ලවය බව සඳහන් කරනවා.

හිටපු ජනපතිනිය මේ අදහස් පළ කළේ පුද්ගලික රූපවාහිනි සේවයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

පුත්‍රයාගේ දේශපාලන ගමන

එහිදී මේ තරුණ අරගලය මැද සිය පුත්‍රයා වූ විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන එනවාදැයි ප්‍රශ්න කෙරුණා.

විමුක්ති ගේන වේලාවක් නැති බවයි ඊට පිළිතුරු ලෙස ඇය සඳහන් කළේ.

මේ අවස්ථාවේ විමුක්ති විමුක්ති කුමාරතුංග මහතා දේශපාලනයට ගෙන එන ලෙස බොහෝ දෙනෙක් තමන්ගෙන් ඉල්ලා සිටින බවද ඇය එහිදී හෙළිදරව් කළා.

එහෙත් විමුක්ති විමුක්ති කුමාරතුංග මහතා තුළ දේශපාලනයට පිවිසීමට කිසිදු කැමැත්තක් නොමැති බවයි කුමාරතුංග මහත්මිය සඳහන් කරන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 April 2022 09:39