May 04, 2024

අලුත් කැබිනට්ටුවේ අලුත් මුහුණු 12ක් වාඩි කරයි! ලැයිස්තුව මෙන්න

නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (18) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ කැබිනට් මණ්ඩලය පූර්ණ වශයෙන් සංශෝධනය වන තුන්වන අවස්ථාව මෙය වෙයි. 

නව අමාත්‍ය මණ්ඩලයට හිටපු කැබිනට් ඇමැතිවරුන් අට දෙනකු පමණ පත් කිරීමට නියමිත අතර ඉතිරි පිරිස තරුණ මන්ත්‍රීවරුන්ගෙන් පත් කෙරෙනු ඇත.

දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ද, ඩග්ලස් දේවානන්ද ධීවර අමාත්‍යවරයා ලෙසද, වෛද්‍ය රමේෂ් පතිරණ අධ්‍යාපන වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද, ප්‍රසන්න රණතුංග මහජන ආරක්ෂ, සංචාරක අමාත්‍යවරයා ලෙසද, දිලුම් අමුණුගම ප්‍රවාහන, කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ද, කනක හේරත් මහා මාර්ග අමාත්‍යවරයා ලෙසද, විදුර වික්‍රමනායක කම්කරු අමාත්‍යවරයා ලෙස ද, ජානක වක්කුඹුර කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යවරයා ලෙසද, ශෙහාන් සේමසිංහ වෙළෙඳ හා සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද,මොහාන් ප්‍රියදර්ශන ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස ද, විමලවීර දිසානායක මහතා වනජීව හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, කංචන විජේසේකර බලශක්ති  හා විදුලිබල අමාත්‍යවරයා ලෙස ද, තේනුක විදානගමගේ මහතා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ලෙස ද, නාලක ගොඩහේවා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ද, මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද, නසීර් අහමඩ් පරිසර අමාත්‍යවරයා ලෙස ද, ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් වරාය හා නාවික කටයුතු අඅමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දුන්නා.

එම අමාත්‍යවරුන්ගේ නාම ලේඛනය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 19 April 2022 07:48