May 04, 2024

ශාන්ත බණ්ඩාරව පැය 24 ක් යාමටත් මත්තෙන් ඩාර්ලි පාරෙන් දොට්ට දමයි

ඊයේ (11) ජනපති ඉදිරියේ රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (12) තීන්දු රැසක් ගත්තා.

ඒ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී.

පක්ෂය ගත් තීන්දුව

ශාන්ත බණ්ඩාර මහතා පක්ෂය තුළ දැරූ සියලුම තනතුරු වලින් ඉවත් කරන බව පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා දැනුම් දුන්නා.

ඔහු ඒ බැව් දැනුම් දුන්නේ ඒ අවස්ථාවේ පක්ෂ මූලස්ථානයට කැඳවා සිටි පක්ෂයේ ක්‍රියාකාරීන් අමතා.

ශාන්ත බණ්ඩාර මහතා පක්ෂය තුළ දැරූ සියලු තනතුරු වලින් ඉවත් කළ බව මහ ලේකම්වරයා එම පිරිසට දැනුම් දුන්නේ එම පිරිසගේ අත්පොළසන් හඬ මැද.

තනතුරුවලින් ඉවත් කිරීම

ඒ අනුව ශාන්ත බණ්ඩාර මහතා පක්ෂයේව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක , උප සභාපති සහ දඹදෙණිය සංවිධායක ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඔහුව මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමටත් පක්ෂයෙන් නෙරපීමටත් පියවර ගන්නා බවයි මහලේකම්වරයා සභාවට දැනුම් දුන්නේ.

ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දුන්නේ ආණ්ඩුව තුළ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරු 14 දෙනා ස්වාධීන වීමට ගත් තීන්දුවට එරෙහිව යමින්.

ශ්‍රීලනිප මන්ත්‍රීවරු ස්වාධීන වීම මත ඔවුන් අතරින් ආණ්ඩුවේ අමාත්‍ය ධුර හා රාජ්‍ය අමාත්‍ය ධූර දැරූ සියලු දෙනාම මේ වන විට ඉල්ලා අස් වී සිටිනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 12 April 2022 16:06