April 24, 2024

රාජ්‍ය ඇමැති ධූරය බාරගන්න කිව්වේ මගේ හෘද සාක්ෂියයි : ශාන්ත බණ්ඩාර

ඊයේ (11) ජනපතිවරයා ඉදිරියේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර මහතා අද (12) එම ධුරයේ වැඩ බාර ගත්තා.

ස්වාධීන මන්ත්‍රීවරුන් වීමට තීරණය ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඔහු තමන් රාජ්‍ය අමාත්‍ය ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කළා.

හෘද සාක්ෂිය

තමන් එම රාජ්‍ය අමාත්‍ය ධූරය බාරගත්තෙ හෘද සාක්ෂියට එකඟ වූ බවයි ඔහු එහිදී සඳහන් කළේ.

ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීවරු ස්වාධීන වී බලාපොරොත්තු වූ අරමුණ වන අන්තර් පාලන රජයක් පිහිටුවීම සිදු නොවන බැවින් තමා ජනපතිවරයා කළ ආරාධනාව පිළිගත් බවයි බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ තමා කිසිදු දූෂණයකට හවුල් නැති බවත් ඒ නිසා මේ අසීරු අවස්ථාවේ එම රාජ්‍ය අමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ජනපති තමන්ට කළ ආරාධනය පිළිගත් බවයි.

දිගටම පක්ෂයේ

තමන් දිගටම ශ්‍රී.ල.නි.පය නියෝජනය කරන බවද ඔහු ඒ අවස්ථාවේ සඳහන් කළා.

එහෙත් ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයේෙ දිවුරුම් දී පැය 24ක් යාමටත් මත්තෙන් ඔහු ශ්‍රී.ල.නි.පය තුළ දැරූ සියලු තනතුරුවලින් ඔහු කිරීමට පියවර ගත්තා.

ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය භාර ගැනීමත් සමග ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම 13 දක්වා අඩු වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 April 2022 16:08