May 19, 2024

ගාලු මුවදොර විරෝධය තවමත්

ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැවැන්ත ජනකායක් මේ වන විටත් උද්ඝෝෂණයේ නිරත වෙමින් සිටිනවා.

රාත්‍රී 9.00 වන විටත් උද්ඝෝෂකයෝ දසදහකට අධික පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල විවිධ පාඨ කියමින් උද්ඝෝෂණයේ යෙදී සිටින බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කලේ.

' නිර්පාක්ෂික විරෝධතාවය' ලෙස විවිධ සංවිධාන එක්ව අද පෙරවරුවේ සිට ගාලුමුවදොරින් මෙම විරෝධතාව සංවිධානය කළ කළ අතර පෙරවරුවේ සිට වරින් වර 50,000කට අධික ජනතාවක් මෙම උද්ඝෝෂණයට සහභාගි වූ බව විරෝධතාකරුවෝ පවසනවා.

විවිධ මට්ටමේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, කම්කරුවන්, ගොවියන්, ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල පිරිස් මෙම උද්ඝෝෂණයට සහභාගී වූ බවත් උද්ඝෝෂකයෝ කියයි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 09 April 2022 21:49