May 19, 2024

ජවිපෙ නායකයාගෙන් හමුදාවට හා පොලිසියට පණිවිඩයක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුදාව සහ පොලිසිය වෙත පණිවිඩයක් ලබා දෙනවා.

ඒ මේ ජනතා උද්ඝෝෂණය සාධාරණ බැවින් ඊට එරෙහිව බැටන් පොලු හෝ අවි නොඔසවන ලෙසට.

කාරුණික ඉල්ලීම

එසේ නොකරන ලෙස තාම පාර්ශ්වය කාරුණික ඉල්ලීමක්ද හමුදා සහ පොලිසියෙන් කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

ජනතාව නැගී සිටින උද්ඝෝෂණවල හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ද කොටස්කරුවන් බව ජ.වි.පෙ නායකයා එම අංශ වෙත දැනුම් දෙනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ උද්ඝෝෂණ හරහා ලබාගන්නා ජයග්‍රහණ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ද ලබන ජයග්‍රහණයක් බව හමුදා සහ පොලිස් නිලධාරීන් තේරුම් ගෙන ඇති බව තමන් විශ්වාස කරන බවයි.

ආණ්ඩුවේ එකම ගැලවුම්කරුවා

දිසානායක මහතා මෙසේ හමුදාව හා පොලිසිය පිළිබඳව අදහස් පළ කළේ හමුදාව සහ පොලිසිය මේ ආණ්ඩුවේ එකම රැකවරණය බව මතක් කර දෙමින්.

අරගලයේ හමුවේ පොලිස් ස්ථාන කිහිපයක හැසිරීම් සම්බන්ධයෙන් විවේචන තිබුණත් සමස්තයක් ලෙස පොලිසිය ඉතා සාමකාමීව මැදිහත් වන බවයි ඔහු සඳහන් කරන්නේ.

එම තත්ත්වය දිගටම ආරක්ෂා කර ගන්නා ලෙසට දිසානායක මහතා පොලිසියෙන් ඉල්ලීමක් කරනවා.

ජ.වි.පෙ මෙන්ම ජාතික ජන බලවේගයේද නායකයා වන අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය හමුවක් අමතමින්.

Rate this item
(6 votes)
Last modified on Saturday, 09 April 2022 09:07