May 19, 2024

පාර්ලිමේන්තුවට අලුත් අවුරුදු නිවාඩුවක්

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා දක්වා කල් තැබීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (8) පස්වරුවේ තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තුව ලබන 19 වැනිදා සිට 22 වැනිදා දක්වා රැස්වීමටද එම කාරක සභාව තීරණය කළා.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ රැස්වුණා.

පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 10.00 - පෙ.ව 11.00 දක්වාවූ කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.

පාර්ලිමේන්තුව ලබන 19 වෙනිදා පෙ.ව 10.00 ට රැස්වීමට නියමිත අතර වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2021.12.24 දිනැති අංක 2259/54 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද  නියෝග, ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලද 2022.01.18 දිනැති අංක 2263/2 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග පෙරවරු  11.00 සිට ප.ව 4.30  විවාදයට ගෙන අනුමත කර ගැනීමට නියමිතයි.

සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2021.10.16 දිනැති අංක 2249/50, 2022.01.01 දිනැති අංක 2260/78 සහ 2022.01.01 දිනැති අංක 2260/79 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නිවේදන  අප්‍රේල් 20 වැනිදා පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා  විවාදයට ගෙන අනුමත කර ගැනීමට තීරණය කර තිබෙනවා.

තවද එදින රේගු ආඥා පනත (235 අධිකාරය) ප්‍රකාරව මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලද 2022.01.11 දිනැති අංක 2262/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද යෝජනාවද විවාදයට ගැනීමට තීරණයවී තිබෙනවා.

Rate this item
(1 Vote)