May 19, 2024

රාජගිරියේ සිට පාර්ලිමේන්තුව දෙසට මාර්ගය අවහිරයි - වර්ෂාව මැදත් විරෝධතාකරුවන් පාගමනේ

රාජගිරියේ සිට පාර්ලිමේන්තුව දෙසට වන මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ පාර්ලිමේන්තුව දෙසට කොටා පාර අවහිර වී දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි.

ඒ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ සිවිල් ක්‍රියාකාරීන් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනක් හේතුවෙන්.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන් කැළණිය විශ්ව විද්‍යාලයේ සිට පාර්ලිමේන්තුව දෙසට මෙලෙස ගමන් කරමින් තිබෙනවා.

දැඩි වර්ෂාව මධ්‍යයේ පවා විරෝධතාකරුවෝ විශාල සංඛ්‍යාවක් පා ගමනට එක්ව සිටින බවයි.

Rate this item
(0 votes)