May 19, 2024

රේගු ලිපි ගොනුවක් අතුරුදන්! අවස්ථා 05කදී රජයේ ආදායම් අහිමිවෙලා

රේගු දඩ මුදල් අය කර ගැනිම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රමාදවිම නිසා 2020 වර්ෂයේ දි අවස්ථා 05කට අදාලව රු.38,441,954 ආදායමක් රජයට අහිමිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වනවා.

රේගු ආඥාපනතේ 18 (02) වගන්තිය අනුව රේගු දඩමුදල් අයකරගැනිම වර්ෂ දෙකක් ඇතුලත සිදු කලයුතු වුවද දඩමුදල් අය කරගැනිම සදහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රමාදවිම නිසා රජයට ලැබිය යුතු ආදායම අහිමිවී තිබෙනවා.

එමෙන්ම රේගු හිඟ දඩ ආදායමට අදාල ලිපිගොනු 127ක සංඛ්‍යාවෙන් එක් ලිපි ගොනුවක් රේගු පරිශ්‍රය තුල අස්ථානගත වි ඇති බවද විගණන වාර්තාවේ සදහන්.

මේ සදහා කළමණාකාරිත්වය විසින් පිළිතුරු ලබා දි නොතිබූ බවයි වාර්තා වන්නේ.

කෙසේවුවද හිඟ රේගු දඩ ආදායම රැස්කිරිමට විදිමත් ක්‍රමවේදයක් සකස් කිරිම සදහා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරින් 07 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කරඇති බව කළමණාකාරිත්වය විසින් විගණනයට දන්වා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 April 2022 09:58