May 19, 2024

මහ සඟරුවනත් සත්‍යග්‍රහයක් අරඹයි! සරසවි ආචාර්යවරුත් පාරට බසියි

මහා සංඝරත්නයේ සාමකාමි සත්‍යයක් ග්‍රහයක් මේවන විට විහාර මහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසලදී පැවැත්වෙනවා.

මහාචාර්ය අගලකඩ සිරිසුමන, මහාචාර්ය ඔලගනවත්තේ චන්ද්‍රසිරි හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් සහභාගී වී සිටිනවා.

එය සංවිධානය කර තිබුණේ  ස්වාධීන භික්ෂු එකමුතුවයි.

‘රට අස්ථාවර නොකරනු, මහා නාහිමිවරුන්ගේ යෝජනාව ක්‍රියාත්මක කරනු‘ ලෙස රජයට බල කරමින් මෙම සත්‍යග්‍රහය අරඹා තිබෙනවා.

මේ අතර ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් ඊයේ (07) දින දහවල් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යලය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක නිරත වුණා.

මේ වන විට රට මුහුනපා ඇති දැඩි ආර්ථික අර්බුධයට මෙන්ම ඇතිවී තිබෙන අර්බුධකාරී තත්වයට නිසි විසදුම් කඩිනමින් ලබාදෙන ලෙස රජයට බලකිරීම මූලික අරමුණ ඇතිව මෙම විරෝධතාවය සංවිධානය කල බව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති රුවන් ලියනගේ මහතා සදහන් කළා.

බදුල්ල - ජයලත් දිසානායක  

Rate this item
(0 votes)
Last modified on Friday, 08 April 2022 15:55