May 19, 2024

රජයේ වාහනත් ඉන්ධන පෝලිමේ! ජනතාව තාමත් තෙල් පෝලිම්වල

මේ දිනවල පවතින දැඩි ඉන්ධන අර්බුධය හේතුවෙන් බොහෝ පෞද්ගලික රථවාහන ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිටදී දිගු පෝලිම් වල රැදී ඉදිනු දක්නට ලැබෙනවා.

රජයේ රථවාහන මෙම පෝලිම්වල දක්නට නොලැබුනද ඊයේ දිනයේදී (07) බදුල්ල සමූපකාර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට රජයේ රථවාහන ඉන්ධන ලබාගැනීම සදහා දිගු පෝලිමක රැදී සිටිනු දක්නට ලැබුණා.

මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ධාවනය කිරීමට නියමිත දුරගමන් සේවා විශේෂ පෞද්ගලික බස් රථවලට ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඩීසල් ලබාදෙන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.

රත්මලාන, මහරගම, තලංගම, මොරටුව, මට්ටක්කුලිය සහ මාකුඹුර යන ස්ථානවලදී එම පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාදෙන බව ද රණවක මහතා සඳහන් කළා.

ඉන්ධන මිලදී ගැනීමට සඳහා ජනතාව ඊයේ (7) දිනයේ ද දිගු පෝලිම්වල රැදී සිටින ආකාරය දක්නට ලැබුණා.

කොළඹ සේදවත්ත, මරදාන සහ බොරැල්ල ආදි ප්‍රදේශවල ජනතාව භූමිතෙල් මිලදීගැනීම සඳහා කිලෝමීටරයකට අධික දිගු පෝලිම්වල සිට රැදී සිටියා.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඉන්ධන හල් අසල ඩීසල් සහ පෙට්‍රල් මිලදීගැනීමට ද ජනතාව තව දුරටත් පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබෙනවා.

බදුල්ල - ජයලත් දිසානායක / කොළඹ වාර්තාකරු

Rate this item
(2 votes)