May 19, 2024

ගෑස් සගවාගෙන සිටි අලෙවි නියෝජිතයාට වැඩ වරදි

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් හැටන් ප්‍රදේශයේ අලෙවි නියෝජිතයෙකුට අද (08) නිකුත් කල කිලෝ 12.5 ගෘහස්ථ ගැස් සිලින්ඩර් 100ක් පාරිභෝගිකයන්ට බෙදා නොහැර වෙලදසැල වසා දමා ගිය අලෙවි නියෝජිතයාට එරෙහිව සමාගම විසින් විධිමත් පරික්ෂණයක් සිදු කරන බව මධ්‍යම, ඌව, සබරගමුව පළාත භාර ජෙෂ්ඨ පළාත් භාර කලමණාකරු සාරංග විජේසිංහ මහතා ඒෂියන් මිරර් වෙත පවසා සිටියා.

ලිට්‍රෝ සමාගමේ ලොරි රථයකින් අද (08) අලුයම 5.30ට පමණ එම ගෑස් අලෙවි නියෝජිතයාට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 100 ක් ලබාදෙන අවස්තාවේ ඒ අසල පෝලිමේ රැදි සිටි පාරිභෝගිකයන්ට ගෑස් ලබා නොදි පෞද්ගලික අවශ්‍යතාවයක් මත වෙලදසැල වසා දමන බව පවසමින් එම අලෙවි නියෝජිතයා වෙලදසැල වසා දමා ගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප අලෙවි නියෝජිතයාගෙන් දුරකථනයෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ අද (08) අලුයම පෝලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් 40 දෙනෙකුට පමණ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෙදා හැරි බවයි.

අලෙවි නියෝජිත වෙලදසැල අසල පදිංචිකරුවන් කියා සිටියේ අද (08) දින සමාගමෙන් ලබාදුන් කිසිදු ගෑස් සිලින්ඩරයක් පාරිභෝගිකයන්ට ලබා දිමට අලෙවි නියෝජිතයා පියවර නොගත් බවයි.

මේ අතර හැටන් නගර මධ්‍යයේ පිහිටි ගෑස් අලෙවි නියෝජිතයාට සමාගමෙන් (08) දින ලබාදුන් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 100 දැඩි පොලිස් ආරක්ෂාව මැද්දේ පාරිභෝගිකයන්ට නිකුත් කල අතර, තවත් විශාල පිරිසකට ගෑස් සිලින්ඩරයක් ලබා ගැනිමට නොහැකි වූ බවයි.

පාරිභෝගිකයන් කියා සිටින්නේ ලිට්‍රෝ සමාගම විසින් ගෑස් අලෙවි නියෝජිතයන්ට ගෑස් තොග බෙදා හැරිමේදි නිසි ක්‍රමවේදයක් සලසා ගැස් තොග නිසි ලෙස පාරිභෝගිකයන්ට බෙදා හරිනවාද යන්න අධික්ෂණයක් සිදු කල යුතු බවයි.

Rate this item
(1 Vote)