May 19, 2024

නිවැසියන් හා සුනඛයා සිහිසුන් කර නිවසක් කොල්ලකාලා (PHOTOS)

රසායනික ද්‍රව්‍ය ස්ප්‍රේ කොට නිවැසියන් නිදි ගන්වා දඹුල්ල මිරිස්ගෝනියාව හන්දිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (08) අලුයම ඇතුළු වූ කොල්ලකරුවන් පිරිසක් එහි තිබූ මුදල් රන් භාණ්ඩ සහ මෝටර් රථයක් කොල්ලකා පලාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය පවසයි.

අලුයම 3.00ට පමණ මෙම කොල්ලකරුවන් නිවසේ පිටුපස ප්‍රදේශයෙන් ඇතුළු වී නිවසේ ඉදිරිපිට ජනේලයක යකඩ රාමු ගලවා නිවසට ඇතුළු වී නිවසේ තිබූ සෑම ස්ථානයක්ම පරීක්ෂා කොට තද නින්දේ පසු වූ නිවසේ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගොස් තිබෙනවා.

කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය කඩන අවස්ථාවේදී ඇයට සිහිය පැමිණ බලද්දි නිවසට ඇතුළු වූ පුද්ගලයා පලා ගිය බව ඇය පොලිසියට සඳහන් කර තිබෙනවා.

නිවසේ තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාව ද මෙම කොල්ලකරුවන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

නිවසේ තිබූ මුදල් සහ රන්භාණ්ඩ රැගෙන නිවසේ ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය ද රැගෙන පලා ගිය බව නිවැසියන් පොලිසියට පැමිණිලි කොට තිබෙනවා.

මේ පිළිබඳව සොයා බැලීමේදී දඹුල්ල ඉබ්බන්කටුව ප්‍රදේශයේ ඔවුන් රැගෙන ගිය මෝටර් රථය දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

නිවැසියන් පොලිසියට කියා ඇත්තේ උදෑසන වන විට තම නිවසේ කාමරවල දැඩි දුර්ගන්ධයක් සමග මත් වන ස්වභාවයක් හුස්ම ගැනීමේ ඇති වූ බවයි.

එමෙන්ම නිවසේ ඇතිකළ සුනඛයාද සිහිමද ගතියකින් පසුවන බවද නිවැසියන් පොලිසියට ප්‍රකාශ කොට තිබෙනවා.

මෙම නිවස ඉතා ආරක්ෂිතව තිබූ නිවසක් බවත් තාප්ප බැඳ ගේට්ටු සවි කොට ආරක්ෂිත කැමරා පද්ධති සවි කොට තිබුණු නිවසක් මේ ආකාරයෙන් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතු වී තිබෙන බවද පොලිසිය කියයි.

මීට වසර කිහිපයකටකට ඉහත දී මේ ආකාරයෙන්ම මෙම නිවසය කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබි තිබෙනවා.

ඒ අවස්ථාව වන විට මෙම නිවසේ වෙනත් පිරිසක් පදිංචිව සිටි බවත් මෙම පිරිස් කුලී පදනම මත නිවසේ රැඳී සිටින පිරිසක් බව පොලිසිය කියයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 April 2022 22:17