May 19, 2024

"මේක කරනවානම් හරියට කරමු.. අපිට මෙහෙන් පිටවෙන්න බෑ" රනිල්ගෙන් දෝස්මුරයක් - මැතිසබේ විනාඩි 5කට කල් තබයි

"මුළු රටම අපි දිහා බලාගෙන ඉන්නවා. මේක කරනවානම් හරියට කරමු" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විනාඩි 5ක කාලයක් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අත්හිටුවන ලෙසත්, කතානායකවරයා සමඟ සාකච්ඡා කර යළි පාර්ලිමේන්තුව කැඳවමු යැයි රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළා.

"මේක කරනවානම් හරියට කරමු. අපිට පිටවෙන්න බෑ මෙහෙම හැසිරෙනවා නම්" යැයි ඔහු සඳහන් කළා.

ඉන් අනතුරුව කතානායකවරයා සභාවේ කටයුතු විනාඩි 5කට කල් දැමීමට තීරණය කළා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 April 2022 11:12