May 19, 2024

ජනපතිගේ ඉල්ලීම පිළිගනී! ශ්‍රීලනිපය යළි තනතුරු බාර ගනී Featured

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා.

එහිදී ඔහු සඳහන් කළේ තමා තවදුරටත් නියෝජ්‍ය කතානායක ධූරයේ කටයුතු කිරීමට තීරණය කළ බවයි. 

ඒ අනුව තමා කොන්දේසි දෙකක් ඉදිරිපත් කරන බවයි සියඹලාපිටිය මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

නියෝජ්‍ය කතානායක ධූරය තමා එය බාර ගන්නේ අප්‍රේල් අවසානය තෙක් පමණක් බවත් ඒ කාලයේදී නියෝජ්‍ය කතානායකධූරයේ වරප්‍රසාද කිසිවක් බාර නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළා.

Rate this item
(2 votes)