May 18, 2024

සගවා තිබු ගෑස් තොගයක් දිස්ත්‍රික් ලේකම්ගේ මැදිහත් විමෙන් පාරිභෝගිකයන්ට (PHOTOS)

හැටන් නගරයේ පිහිටි ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයා සමාගම විසින් ඊයේ (08) දින ලබා දුන් ගෑස් තොග පාරිභෝගිකයන්ට ලබානොදි වසා ගිය වෙලදසැලක් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා සහ හැටන් පොලිසියේ නිලධාරින් එක්ව වෙලදසැලේ ඉබි කඩා වෙලදසැල තුල තිබු කිලෝ 12.5 ගෑස් සිලින්ඩර් බෙදා හැරිමට පියවර ගත් බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එම ගෑස් අලෙවි නියෝජිතයට ඊයේ (08) සමාගම විසින් ගෑස් සිලින්ඩර් 100ක් ලබා දි ඇති අතර එම සිලින්ඩර් කිසිවක් පාරිභෝගිකයන්ට ලබා නොදුන් බවයි පෝලිම් වල රැදි සිටි පාරිභෝගිකයන් කියා සිටියේ.

දිස්ත්‍රික් ලේකම්වරයා සහ පොලිසිය අලෙවි නියෝජිත වෙලදසැල කඩා පරික්ෂා කිරිමේදි එම වෙලදසැල තුල කිලෝ 12.5 ගැස් සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 48ක් තිබු අතර, ඉතිරි ගෑස් තොගය වෙලදසැල තුල නොතිබුණු බවට දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිරික්ෂණයට ලක් වී තිබෙනවා.

පාරිභෝගිකයන් කියා සිටින්නේ එම අලෙවි නියෝජිතයා ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටිම නිසා ඉතිරි ගෑස් තොගය ඉතා සුක්ෂම ලෙස සගවන්නට ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 April 2022 10:57