May 18, 2024

සාගල බේරගන්න රනිල් ප්‍රවෘත්තියක් අල්ලගෙන පාර්ලිමේන්තුවේ සටනක

කලම්බෝ ටෙලග්‍රාෆ් (COLOMBO TELEGRAPH) වෙබ් අඩවියේ පළවූ වාර්තාවකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඔහු එසේ ප්‍රතිචාර දැක්වූයේ පාර්ලිමේන්තුවේදී.

ජනපති පුත්‍රයා

2022 අප්‍රේල් 6 පළ වී ඇති එම පුවතින් "රනිල් ගෝඨාගේ පුත්‍රයා 2015 දී මුදල් විශුද්ධිකරණ චෝදනාවකින් නිදහස් කළේ කෙසේදැයි" යන්න වාර්තා කර තිබෙන බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ.

එම ප්‍රවෘත්තිය මෙරට සිටි ප්‍රකට මාධ්‍යවේදියෙක් වන උවිඳු  කුරුකුලසූරිය විසින් වාර්තා කර ඇති බවටයි වික්‍රමසිංහ මහතා චෝදනා කරන්නේ.

එම පුවත් වාර්තාවට වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ පිළිතුර දුන් අතර එහිදී එවකට සිටි නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතාව එම චෝදනාවෙන් රැක ගැනීමට වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක් ගත්තා.

නීතිය හා සාමය

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයාට එරෙහිව පියවර ගැනීම සඳහා සාක්ෂි තිබෙන බව ඇමරිකානු බුද්ධි නියෝජිත පිරිසක් තමාට දැනුම් දුන් බව එම ප්‍රවෘත්තියේ සඳහන් බවයි වික්‍රමසිංහ මහතා අනාවරණය කළේ.

"ඒ වන කොට සාගල රත්නායක මහතා එම ඇමති ධුරයට පත් වී සති දෙක තුනක්වත් ගත වී නැහැ.ඔහු එම ධූරයට පත් වුණේ එවකට යන නීතිය හා සාමය ඇමති ධූරය භාරව සිටි තිලක් මාරපන මහතා එම ධූරයෙන් අස්වීම නිසා."

එසේ පවසන වික්‍රමසිංහ මහතා ඉන්පසු ඇති වූ තත්ත්වයද හෙළිදරව් කළා.

මාධ්‍යවේදියාට චෝදනා

සාගල රත්නායක මහතා නීතිය හා සාමය ඇමති ධුරයට පත් වීමට පෙර , පත් වුණ අවස්ථාවේ හෝ ඉන් පසුව තමන්ට එවැනි ඇමරිකානු බුද්ධි අංශයක් මුණ නොගැසුණු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. 

දමින්ද මනෝජ් රාජපක්ෂ (ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා) ගැන තමාට එවැනි කිසිදු තොරතුරක් නොලැබුණ බව වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ ප්‍රවෘත්තිය සැපයූ මාධ්‍යවේදියාට අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන බවට දොස් පවරමින්.

එම වෙබ් අඩවිය 2015 තම ආණ්ඩුව බලයට එන විට තහනම් කර තිබූ බවත් එම මාධ්‍යවේදියා දක්ෂයකු වූ නිසා එම තහනම තම රජය යටතේ ඉවත් කළ බව වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.

ඒත් මේ අවස්ථාවේ ඉතා පටු ලාභ ප්‍රයෝජන තකා එම මාධ්‍යවේදියා බොරු පුවත් පළ කරන බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 08 April 2022 10:51