May 18, 2024

ගෝඨා - රනිල් මැතිසබේ රහස් සාකච්ඡාවක!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් සිදු වී තිබෙනවා.

ඒ ඊයේ (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

මෙම හමුව ජනපති හා හිටපු අගමැති පමණක් සහභාගී වීම විශේෂත්වයක්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීමකට අනුව පාර්ලිමේන්තු සංකීර්ණයේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා හමුවී තිබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා කළ යෝජනාව පිළිබඳ ඉහත හමුවේ දී ජනාධිපතිවරයා කරුණු සවිස්තරව විමසා තිබෙනවා.

ඊට අමතරව ජපානය, දකුණු කොරියාව, ඉන්දියා සහ චීනය ඇතුළු කලාපයේ ප්‍රධාන රටවල් පහක් එකතු කර පිහිටුවීමට යෝජිත කමිටු පිළිබඳව ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් දීර්ඝ ලෙස කරුණු විමසා ඇතැයි දැනගන්නට තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විනාඩි කිහිපයක් සාකච්ඡා කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටවුනු දැක ගත හැකි වූ බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසූවේ.

Rate this item
(2 votes)