May 18, 2024

රොෂාන් මහනාම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම මහතා මෙරට ජනතාවගේ ගෞරවයට පත්වූ ක්‍රීඩකයෙක්.

ඔහුද පසුගියදා මහජන උද්ඝෝෂණවලට එක්වී සිටියා.

ජනතාවගෙන් කරන ඉල්ලීම

ඒ ඇදිරිනීතිය පනවා තිබූ ඉකුත් ඉරු දින.

මහනාම මහතා මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ දිගින් දිගටම විරෝධතාවල නිරත වන ලෙසටයි.

දහස් ගණන් ජනයා

විරෝධතා වලට මෙතෙක් එකතු නොවූ දහස් ගණන් ජනයාට එම විරෝධතාවලට එක්වන ලෙසට මහනාම මහතා ආරාධනා කරනවා.

එසේ එක් වී තමන්ගේ ජීවිතයට මෙන්ම දේපළවලට හානියක් සිදු නොවන අයුරින් ඉතා සාමකාමීව විරෝධතාවයේ යොදන ලෙසයි මහනාම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දේශපාලකයන් වෙත එල්ල කර තිබෙන දැඩි පීඩනය කිසිසේත්ම අත් නොහැරිය යුතු බව ඔහු සඳහන් කරනවා.

මහජන විශ්වාසය

පාලකයන් පිළිබඳව ජනතාව තුළ තිබෙන බලාපොරොත්තු බිඳ වැටී තිබෙන බව ජාති ආගම් භේදයකින් තොරව ජනතාව විසින්ම පාලකයන්ට පෙන්වා දිය යුතු බවයි මහානාම මහතාගේ මතය වන්නේ.

රටේ නායකයන් පිළිබඳව තමන් තුළ කිසිදු විශ්වාසයක් නැති බවද මහනාම මහතා සඳහන් කරනවා.

Rate this item
(2 votes)
Last modified on Friday, 08 April 2022 08:51