May 03, 2024

ඉන්ධන නොමැතිවීමෙන් රියදුරන් කෝපයට පත්වෙයි : කොළඹ – නුවර මාර්ගය කඩවතින් වසා දමයි

කොළඹ – මහනුවර මාර්ගය කඩවත පොලීසිය ආසන්නයේ ඇති ඉන්ධන පිරවුම් හල අසලින් අවහිර කර තිබෙනවා.

ඒ, පෞද්ගලික බස් ඇතුළු වාහන රියදුරන් සහ කොන්දොස්තරවරුන් පිරිසක් විසින්.

ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට අවශ්‍ය කරන ඉන්ධන ලබාදෙන ලෙසයි.

දින තුනක සිට ඉන්ධන නොලැබීම හේතුවෙන් කෝපයට පත් රියැදුරන් වෙනත් විකල්ප නැතැයි පවසමින් මෙසේ ප්‍රධාන මාර්ගය අවහිර කර තිබෙනවා.

ඒ අනුව මහනුවර දෙසින් කොළඹට පැමිණෙන සියලු වාහන කඩවත නගර මධ්‍යයෙන් විකල්ප මාර්ග හරහා ගමන් කරවීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

Rate this item
(1 Vote)