May 10, 2024

මුදල් ඇමතිකමට බන්දුලට හිත යයි! දිවුරුම් දීම ගැන මැතිසබේදීත් විමසයි

නව මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පත් කිරීමට සූදානම් බව වාර්තා වනවා.

මුදල් අමාත්‍ය ධූරය භාර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් ද කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

එම ඉල්ලීමට හිටපු අමාත්‍යවරයා එකගතාව පල කර ඇති බවද වාර්තා වනවා.

ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබූ හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ(05) දිනයේදී එම ධුරයෙන් ඉවත්වීමත් සමගයි එම අමාත්‍ය ධුරය පුරප්පාඩු වුණා.

මේ අතර හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද(06) පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කළා.

ඒ අතරතුර ඔහු අසලට පැමිණි හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ධුරයේ දිවුරුම් දුන්නේ ද යන්න විමසා සිටි අතර එහිදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා නැත යන්න ප්‍රකාශ කළා.

මේ අතර ඊයේ දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ද එම ධුරයෙන් ඉවත් වීමත් සමග පුරප්පාඩු වූ අමාත්‍යාංශ ලේකම් ධුරය සඳහා ශ්‍රී ලංකා මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කරන මහින්ද සිරිවර්ධන මහතා පත් වනු ඇති බවට වාර්තා වනවා.

Rate this item
(1 Vote)