May 09, 2024

"බූරු වැඩ කරන්න එපා" - පොලීසියෙන් යුද්ධ හමුදා යතුරු පැදි බලකායට දැඩි විරෝධයක් (VIDEO)

ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාර අසළ පැවති විරෝධතාවයේ නිරත වූවන් අතරින් යුධ හමුදා යතුරුපැදි කණ්ඩායමක් ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග එල්ල වූ දැඩි විරෝධයත් සමග යතුරුපැදි කණ්ඩායම හරවා යැවුණා.

කෙසේවෙතත් එම යතුරුපැදි කණ්ඩායම යළි එම ස්‍ථානයට පැමිණීමත් සමග එම ස්ථානයේ රාජකාරි කිරීමත් සමග එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින්ගෙන්ද අදාළ යුධ හමුදා යතුරුපැදි කණ්ඩායමට එල්ල වුනේ දැඩි විරෝධයක්.

කෙසේවෙතත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යතුරු පැදි කණ්ඩායමේ යතුරු පැදි හතරක් පාර්ලිමේන්තු සංකීර්ණය අවට යොදවා තිබු මාර්ග බාධකය අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු විසින් ඔවුනට සුදුසු නොවන පරිදි කටයුතු කිරීම සබැදිව යුද්ධ හමුදාධිපතිවරයා විසින් ඔවුනට එරෙහිව විමර්ශනයක් සිදුකොට අදාල පොලිස් නිලධාරින් දෙදෙනා පිළිබඳව විනයානුකූලව කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 April 2022 10:58