May 03, 2024

අගමැති අද ඉල්ලා අස්වෙලාද? පාර්ලිමේන්තුව උණුසුම්

තමා මන්ත්‍රීවරයෙක් ලෙස අගමැතිවරයාගෙන් ප්‍රශ්නයක් ඇසූ බවත් ඊට පිළිතුරු දීමට අගමැතිවරයා අද පාර්ලිමේන්තුවට පැමිණ නැති බවත් ජාතික ජනබලවේගයේ මන්ත්‍රී විජිත හේරත් මහතා අද(06) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.

අගමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නවලට ඉඩ නොදුන්නේ මන්දැයි මන්ත්‍රීවරයා කතානායකවරයාගෙන් ප්‍රශ්න කළා.

ඊයේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී සිටි බවත් අද එතුමා ඉල්ලා අස්වූවාදැයි දැන ගැනීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.

ඊට පිළිතුරු දුන් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඊට පිළිතුරු දීමට තරම් පාර්ලිමේන්තුව බාල විය යුතු නැති බවයි.

ඒ සමඟ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වාද විවාදයක් ඇති වුණා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 06 April 2022 10:34