May 07, 2024

225ට ගෙදර යන්න යැයි බලකරමින් රෝහල් සේවකයන් එළියට (PHOTOS)

රටේ පවතින ජිවන වියදම ඉහල යාම, ඩිසල්, ගෑස්, විදුලි කප්පාදුව, සෞඛ්‍ය සේවයට අවශ්‍ය ඖෂධ ඇතුළු පහසුකම් ගණනාවක් නැති වීම යන කරුණු ගණනාවක් මුල් කර ගනිමින් නුවරඑලිය මහ රෝහලේ හෙදියන්, කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් අද (05) උද්ඝෝෂණයක් සිදු කළා.

මධ්‍යහන 12 සිට 1 දක්වා දිවා කෑම පැයේ එම සේවකයින් රෝහලෙන් බැහැරව පැමිණ පෙලපාලියක් මගින් නුවරඑලිය නගර මධ්‍ය වෙත පැමිණ නුවරඑලිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය නිරතව සිට ආපසු රෝහල් පරිශ්‍රය වෙත ගොස් උද්ඝෝෂණයේ නිරත වුණා.

උද්ඝෝෂණයේ නිරතව සිටි  නුවරඑලිය මහ රෝහලේ හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් කියා සිටියේ වත්මන් රජයේ දේශපාලඥයින් රටේ මුදල් සොරකම් කර විදේශ රටවල තැන්පත් කර ඇති බවත්, ඒ අනුව රටේ ආර්ථිකය කඩා වැටි ඇති බවයි.

රටේ සොරකම් කරන ලද මුදල් ආපසු මව්රටට ගෙනවිත් තැන්පත් කර එම දේශපාලඥයන් දේශපාලනයෙන් සමුගත යුතු බවයි උද්ඝෝෂණයේ නියැලි නුවරඑලිය මහ රෝහලේ සේවකයන් කියා සිටියේ.

සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ පහසුකම් ගණනාවක් සහ සෞඛ්‍ය සේවක දිමනා කප්පාදු කර රෝගින්ට ලබාදිය යුතු අත්‍යවශ්‍ය ඖෂධ ගණනාවක් රෝහල් සතුව නොමැති බවත පවත්නා තත්ත්වය මත රට ආගාදයට යමින් පවතින බව උද්ඝෝෂණයේ නියැලි සිටි රෝහලේ සේවකයින් කියා සිටියේ.

මෙම උද්ඝෝෂණයට නුවරඑලිය මහ රෝහලේ වෛද්‍යවරුන් නියෝජනය කරමින් වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සහභාගි වුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 April 2022 15:08