May 06, 2024

ජනතාව පාර්ලිමේන්තුව දෙසට – එක් පිවිසුමක් වසා දැමේ

පාර්ලිමේන්තුව ආසන්නයේ ප්‍රදේශ කිහිපයකම මේ වන විට විරෝධතාකරුවන් ඒකරාශී වී තිබෙනවා.

මේ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය බත්තරමුල්ල පොල්දූව මංසන්දියෙන් වසා දමා තිබෙනවා.

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා විරෝධතා දැක්වීමට ඔවුන් සූදානම් වන බව පෙනී යන්නේ.

දැනටමත් පාර්ලිමේන්තුව ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක බලඇණි උපරිම වශයෙන් යොදවා තිබෙනවා.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 05 April 2022 14:53