May 07, 2024

සියලු මන්ත්‍රීවරු ආවේ පාර්ලිමේන්තු පස්ස දොරෙන්! අමතර පොලිස් බල ඇණිත් කැඳවයි

සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තු සැසි වාරය සදහා සහභාගිවීමට පැමිණ ඇත්තේ පාර්ලිමේන්තුවට පිටුපස පිහිටි මාදිවෙල මාර්ගය ඔස්සේ බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, පාර්ලිමේන්තුව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන්.

එම විරෝධතාවය පාර්ලිමේන්තුවට පිවිසෙන දියත උයන වටරවුම ආසන්නයේ පැවැත්වෙනවා.

එය සමාජවාදී තරුණ සංගමය හා තවත් සිවිල් සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන කර තිබුණා.

පාර්ලිමේන්තුවේ පිටත ආරක්ෂාව දැඩි කර ඇති අතර අමතර පොලිස් බල ඇණි යොදවා තිබෙනවා.

පාර්ලිමේන්තුවට පිටුපස මාර්ගයෙන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පිවිසීමේදී මාධ්‍ය වෙත අදහස් දක්වනු ලැබුවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 05 April 2022 13:52