May 06, 2024

ඉතිහාසයේ පළමු වරට ඩොලරය 310 වෙයි

ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (05) දිනයේ දී රුපියල් 300 සීමාව ඉක්මවා ගොස් තිබේ.

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු විසින් දෛනිකව ප්‍රකාශයට පත් කරනු ලබන විනිමය අනුපාතික සටහන් පිරික්සීමේ දී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට විකුණුම් මිල අද (05) දිනයේ දී රුපියල් 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාත සටහන අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 303යි ශත 49ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

ගැණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 293යි ශත 23ක් ලෙසයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 April 2022 13:43