April 28, 2024

ආණ්ඩුවේ කණ්ඩායම් දෙකක් ස්වාධීන වෙයි

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී ස්වාධීන වුණා.

ඒ පිළිබඳව මුලින්ම දැනුම් දීම කළේ අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයායි.

මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය

ඇමතිවරුන්ගේ ඉල්ලා අස්වීමද නිත්‍යානුකූල නොවන බව සඳහන් කරමින් සිය කතාව ඇරඹූ අනුර ප්‍රියදර්ශන යාපා මහතා සිය ස්වාධීන වීම ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව තමන් ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීන වන බවයි යාපා මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

පක්ෂ 10 කණ්ඩායම

ඉන් පසුව නැගී සිටි විමල් වීරවංශ මහතා තමා ඇතුළු පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් 16 දෙනෙකු ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ අතර මෙතෙක් ඇමති ධූරයක් දරුවා දරු වාසුදේව නානයක්කාර මහතාද සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 April 2022 08:06