April 27, 2024

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කරයි!

පාර්ලිමේන්තු අවට ප්‍රදේශයේ සන්සුන් වාතාවරණයක් පවතින බවට තොරතුරු වාර්තා වනවා.

ඒ හේතුවෙන් ආරක්ෂක විධිවිධාන දැඩි තර තිබෙනු දැකගත හැකියි.

පාර්ලිමේන්තුවේ පුටු වෙනස්වීම් ඇතුළු පෙරළි කිහිපයක් අද දිනයේ සිදුවීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 13 දෙනා ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්ද අද දිනයේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස අසුන් ගැනීමට නියමිතයි. 

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට රැස්වෙනවා.

රටේ පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අද දින ප්‍රශ්න කිරීම් සහ විවිධ විරෝධතා දැක්වීමටද නියමිත බව වාර්තා වනවා.

රටේ පවතින වාතාවරණය මත පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව තර කිරීමට කතානායකවරයා තීරණය කර තිබෙනවා.

Rate this item
(1 Vote)