April 27, 2024

ඩලස් තීන්දුවක් ගනී! කළ යුතු දේ කියා ජනපතිට ලිපියක් යවයි Featured

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යවා තිබෙනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කර, නිශ්චිත කාල සීමාවක් සඳහා භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියා මාර්ගය බව එම ලිපියේ සඳහන්. 

රට දේශපාලන වශයෙන් මෙන් ම, ආර්ථික වශයෙන් බරපතළ අර්බුදයකට ලක්ව ඇති මේ අවස්ථාවේ ගත හැකි ප්‍රායෝගිකම විසඳුම එය යැයි ද ඇමැතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

එවන් ක්‍රියාමාර්ගයකදී, වරප්‍රසාද හෝ තනතුරක් බාර නොගෙන, අවශ්‍ය සහාය රට වෙනුවෙන් මෙන්ම, පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ලබාදීමට තමා අධිෂ්ඨාන කරගෙන සිටින බව ද ඔහු සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

Rate this item
(2 votes)