March 29, 2024

මහ රෑ ඥානක්කාගේ නිවස වටලයි! ආරක්ෂාවට යුද හමුදාවත් කැඳවයි (PHOTOS)

අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ඊයේ (04) රාත්‍රියේ විරෝධතාකරුවන් විශාල ප්‍රමාණයක් එකවර කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති වුණා.

විරෝධතාකරුවන් විසින් එකවරම එම නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලදාරීන්ට විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණා.

අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබුණා.

විරෝධතාකරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල් ප්‍රහාරයන්ද එල්ල කර තිබෙනවා.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 05 April 2022 08:39