May 14, 2024

මෛත්‍රී තීන්දුවක් ගනී! ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධින වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපුු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(04) පස්වරුවේ මහගමසේකර මාවතේ පිහිටි නිවසේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන්.

එහිදී තීරණය කර ඇත්තේ ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමටයි.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හෙට හෝ අනිද්දා ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයක් ලෙස පාර්ලිමේන්තුවේ ස්වාධීනව වෙනම අසුන් ගැනීමට නියමිතයි.

ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ (03) රාත්‍රියේ රැස්වූ නමුත්, මන්ත්‍රිවරු 14දෙනාගෙන් තිදෙනකු සහභාගී නොවීම නිසා අද පස්වරුවේ රැස්වන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ පිළිබද තීරණයක් ගැනීමට තීරණය කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 April 2022 09:00