May 13, 2024

හයිලෙවල් මාර්ගය අවහිරයි! හෝමාගම නගරයට මහ පිරිසක් රැස්වෙයි (PHOTOS) Featured

හෝමාගම නගර මධ්‍යයේ හයිලෙවල් මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බව අප වාර්තාකරු පැවසුවා.

ඒ හෝමාගම නගර මධ්‍යයේ පිහිටි ධර්මපාල පිළිරුව අසල පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන්.

එහිදී ආණ්ඩුවට විරෝධය පළ කරමින් විශාල තරුණ තරුණියන් පිරිසක් මෙම විරෝධතාවයේ නිරත වනවා.

එම විරෝධතාවයට හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිටද විශාල පෙලපාලියකින් හෝමාගම නගරයට විශාල පිරිසක් පැමිණියා.

මේ අතර කොට්ටාව නගර මධ්‍යයේද විරෝධතාවයක් පැවැත්වුණා. ඊටද විශාල පිරිසක් සහභාගී වී සිටි බව අප වාර්තාකරු පැවසුවා.

May be an image of 2 people, motorcycle and outdoors

May be an image of 2 people, motorcycle and outdoors

ඡායාරූප - බුද්ධික කුමාරසිරි

Rate this item
(2 votes)
Last modified on Monday, 04 April 2022 14:30