May 04, 2024

රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කිරීමට පක්ෂ මාරු කළ හිටපු මන්ත්‍රී නිළියත් උද්ඝෝෂණයේ

මේ වන විටත් රට පුරා ආණ්ඩු විරෝධී විරෝධතා පැවැත්වෙනවා.

ඊට විවිධ ක්ෂේත්‍ර වල අය එක්ව සිටිනවා.

කලාකරුවන්ගේ විරෝධතාවය

කලාකරුවන්ගේ විරෝධතාවයක්ද බත්තරමුල්ලේ පැවැත්වෙනවා.

එහි විශේෂ සිදුවීමක් වූයේ ඊට පක්ෂ මාරු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ද එක්ව සිටීමයි.

ඒ 2010 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට ගිය උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියයි.

2010 මහ මහමැතිවරණය

2010 මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙන් ඇය 2 වැනි තැනට පැමිණියේ කරු ජයසූරිය මහතාව 3 වැනි තැනට පත් කරමින්.

ඉන් පසු විධායක ජනපති ධූරයට පත් වීමේ අවස්ථා 2 ක සීමාව වෙනුවට ඕනෑම අවස්ථාවක් පත්වීම නීත්‍යානුකූල කිරීම සඳහා එවකට සිටි මහින්ද රාජපක්ෂ රජය ගෙන ආ 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවේ 2/3 බලයක් අවශ්‍ය වුණා.

ඒ වන විට එවකට ආණ්ඩුව පිහිටු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිව තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර 144 ක් පමණයි.

දේශපාලනයෙන් ඉවත් වීම

18 වැනි සංශෝධනය සංශෝධනයට 2/3 ලබා ගැනීම සඳහා විපක්ෂයේ සිටි මන්ත්‍රීවරු පිරිසක් එම ආණ්ඩුව ගත් අතර ඉතිරි සිට උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියද ඇතුළත් වුණා.

ඇය 2015 මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කොට අන්ත පරාජයකට ලක් වූ අතර ඒ සමගම දේශපාලනයෙන්ද ඉවත් වුණා.

Rate this item
(2 votes)
Last modified on Monday, 04 April 2022 14:09