May 06, 2024

අලුත් කැබිනට් මණ්ඩලය පත් කරයි - ඇමතිවරු හිටපු අයමයි

මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ නව අමාත්‍ය ධුර හතරක් සඳහා අමාත්‍යවරුන් දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව මුදල් අමාත්‍ය ධූරය හිටපු අධිකරණ අමාත්‍ය අලි ශබ්රි මහතාට හිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව මහාමාර්ග අමාත්‍ය ධුරය හිටපු අමාත්‍යවරයා වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාටත්, අධ්‍යාපන අමාත්‍ය ධූරය එම ධුරය දැරු දිනේෂ් ගුණවර්ධන මහතාටත් හිමිවී තිබෙනවා.

මීට අමතරව දිවුරුම් දී ඇති අනෙක් අමාත්‍යවරයා වන්නේ මහාචාර්ය ජී එල් පීරිස් මහතායි.

ඔහු විදේශ අමාත්‍ය ධූරයේ නැවත වරක් දිවුරුම් දී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 April 2022 18:29