April 24, 2024

අරගලය ගැන ඩලස් කටඅරී! විශේෂ පණිවිඩයකුත් නිකුත් කරයි

සාමකාමී ව විරෝධතා දැක්වීමට පුරවැසියන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිව ඇති පුරවැසි අයිතියට බාධා නොදා, එය තහවුරු කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.

විරෝධතා පැවැත්වුව ද, එම විරෝධතාකරුවන් ද ප්‍රචණ්ඩත්වයට සහ පොදු දේපළවලට හානි නොකර, සාමකාමී අයුරින් අරගල කළ යුතු බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

පසුගිය දා මිරිහානේ පැවති විරෝධතාව අතරතුර මාධ්‍යවේදීන්ට එල්ල වූ අමානුෂික පහරදීම සම්බන්ධයෙන් ද ජනමාධ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කර තිබෙනවා.

අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩයේ පෙන්වා දෙන්නේ, මාධ්‍යවේදීන්ට සිය වෘත්තීමය කටයුතුවලට බාධාකොට, සිදුකළ පහරදීම ජනමාධ්‍ය නිදහස පළුදු කිරීමක් බැවින්, එම සිද්ධිය තමන් තරයේ හෙළා දකින බවයි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 April 2022 22:10