April 30, 2024

සජිත් පිලෙන් පොලිසියට යෝජනාවක් : පොලිසියෙන් ප්‍රතිචාර නැහැ

"අපිත් එක්ක යං නිදහස් චතුරශ්‍රයට" යැයි දැන් පනවා ඇති නීතිය නොතකා පා ගමනක නියැලී සිටින සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පොලිසියට යෝජනා කරනවා.

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් නිදහස් චතුරශ්‍රය වෙත ආරම්භ කළ පා ගමනට විහාර මහා දේවී උද්‍යානය අසල දී මේ වන විට පොලිසිය විසින් මාර්ග බාධක දමා නවතා ගෙන සිටිනවා.

නීති විරෝධී කටයුත්තක්

"ඔයගොල්ලොත් ඔහොමම අපිත් එක්ක හැරෙමු.අපි නීති විරෝධී දෙයක් කළොත් ඒකට විරුද්ධව පියවරක් ගන්න" යැයි එහිදී මන්ත්‍රීවරුන් අමතා සඳහන් කළා.

ආණ්ඩුවට තව තිබෙන්නේ එක පෝයක් බැවින් කල්පනාවෙන් කටයුතු කරන ලෙසටද සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පොලිසිය දැනුවත් කරන අයුරුද එහිදී දක්වන්නට ලැබුණා.

එහෙත් ඊට පොලිසියෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ.

උණුසුම් තත්ත්වයක්

විරෝධතා ගමන නතර කිරීම මත පොලිසිය හා මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

මෙම විරෝධතා පා ගමන පැවැත්වෙන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

Rate this item
(4 votes)