April 30, 2024

ඇඳිරි නීති නොතකා විපක්ෂය මහ පාරට බසී

මිය වන විට පනවා ඇති ඇඳිරි නීතිය නොතකා සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය විරෝධතා ව්‍යාපාර දියත් කර තිබෙනවා.

සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් නිදහස් චතුරශ්‍රය වෙත පෙළපාලියකින් යෑමට ගත් උත්සාහය මේ වන විට පොලිසිය විසින් නතර කොට තිබෙනවා.

නිදහස් චතුරස්‍රය

එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු එම ගමන නතර කිරීම මත මේ වන විට පොලීසිය හා සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

රටේ ඇතිව තිබෙන ප්‍රශ්නය නිදහස් චතුරශ්‍රයට ගොස් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබෙන බවයි සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් සඳහන් කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතාට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල , පාඨලී චම්පික රණවක , වෛද්‍ය රාජිත සේනාරත්න , මනුෂ නානයක්කාර , එස්.එම්.මරික්කාර් , මුජුබර් රහුමාන් , මයන්ත දිසානායක , හර්ෂණ රාජකරුණා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඊට සහභාගී වී සිටිනවා.

ජාතික ජන බලවේගය

ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ ජාතික ජන බලවේගයද විරෝධතා ව්‍යාපාරයක් දියත් කොට තිබෙනවා.

ඊට සුනිල් හඳුන්නෙත්ති , කේ.ඩී.ලාල්කාන්ත , වෛද්‍ය නලින්ද ජයතිස්ස , ආචාර්ය හරිනි අමරසූරිය , වසන්ත සමරසිංහ යන මහත්ම මහත්මීන්ද සහභාගී වී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 03 April 2022 11:55