May 17, 2024

එළවළු බෙදාහැරීමත් නවතී

නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයෙන් පිට පළාත් වලින් ආර්ථික මධ්‍යස්ථාන වලට යැවිමට තිබු එලවළු විශාල ප්‍රමාණයක් පැන වු ඇදිරි නිතිය හේතුවෙන් යැවිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා ඒෂියන් මිරර් වෙත පැවසුවා.

අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ ඇදිරි නිතිය නිසා අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවලින් එලවළු එවිමට කටයුතු නොකරන ලෙසට කල දැනුම් දිමක් මත ලොරි රථ වලට පටවා තිබු එලවළු ආපසු ලොරි රථවලින් බෑමට සිදු වු බවයි.

ඇදිරි නිතිය පනවන බව අද දින උදැසන දැනුම් දුන්නේ නම් ගොවින්ගෙන් එලවළු මිල දි නොගෙන සිටිමට තිබු බවත්, ගොවින්ගෙන් මිල දි ගත් එලවළු ආර්ථික මධ්‍යස්ථාන තුලම විනාශ වන බවයි අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ.

Rate this item
(0 votes)