May 17, 2024

වතුකරයේ ජනතාව නගරයට පැමිණෙයි - ඇඳිරි නීතිය ගැන පොලිසියට උපදෙස් ලැබී නෑ

රජය විසින් අද (02) දින පස්වරු 6 සිට ලබන 04 වැනිදා උදැසන 6 දක්වා ඇදිරි නිතිය පැනවිමත් සමග කලබලයට පත් වතුකරයේ ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දි ගැනිම සදහා වතුකරයේ ප්‍රධාන නගර වලට පැමිණෙන ආකාරයක් දැකගන්නට හැකි බව ඒෂියන් මිරර් වාර්තාකරු පැවසුවා. 

ඇදිරි නිතිය ප්‍රකාශයට පත් කිරිමත් සමග පදික වේදිකාවේ ව්‍යාපාර කටයුතු සිදු කල වෙලදුන් දැඩි අසිරුතාවයට පත් වි ඇති අතර , ප්‍රධාන වෙලදසැල් වසා දමන ආකාරයක් දක්නට ලැබෙනවා.

ඇදිරි නිතිය ප්‍රකාශයට පත් කිරිමත් සමග වතුකරයේ ප්‍රධාන නගර වල පිහිටි මත්පැන් අලෙවිසැල්වලින් මත්පැන් මිල දි ගැනිමට වතුකරයේ ජනතාව විශාල උනන්දුවක් පවතින අයුරු සහ මත්පැන් මිල දි ගෙන යන අයුරුද අප කැමරාවේ සටහන් විය.

රජය මගින් ඇදිරි නිතිය ප්‍රකාශයට පත් කලද පොලිස් මුලස්ථානය විසින් මේ වන තෙක් තමන්ට ඒ පිලිබදව දැනුම් දිමක් හෝ උපදෙස් කිසිවක් නොලැබුණු බව පොලිස් නිලධාරි ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)