April 28, 2024

මිරිහානේ විරෝධතාවයේදී මාධ්‍යවේදීන්ටත් පහර දීලා

මිරිහානේදී ඊයේ (31) පැවති විරෝධතාවය ආවරණය කිරීමට එහි ගිය මාධ්‍යවේදීන් ආරක්ෂක අංශවල සහ පොලිසියේ පහරදීම්වලට ලක්ව තිබෙනවා.

පහරකෑමට ලක්වූ එක් මාධ්‍යෙව්දියෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගතවී තිබෙනවා.

මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් රැසක් එම ස්ථානයට පැමිණ සිටි අතර ඔවුන් එම සිදුවීම රූගත කරමින් සිටින අතරවාරයේ පොලීසියේ සහ ආරක්ෂක අංශවල පහරදීම්වලට ලක්ව තිබෙනවා.

කොළඹ ප්‍රාදේශීය මාධ්‍යවේදී නිශ්ශංක වේරපිටිය මහතා තුවාල ලබා මේ වනවිට ජාතික රෝහලේ ප්‍රරතිකාර ලබනවා.

මේ අතර එම අවස්ථාවේදී එම සිදුවීම රූගත කරමින් සිටි මාධ්‍යවේදී සුමේධ සංජීව මහතා පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ඔහුව අද අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර නුගේගොඩ ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රදීප් වික්‍රමසිංහ මහතාද මාධ්‍යවේදී අවංක කුමාර මහතා ද පොලිස් පහරකෑම්වලට ලක්ව තුවාල ලබා තිබෙනවා.

May be an image of 2 people, child, people sitting and indoor

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2022 14:36