May 12, 2024

මිරිහාන සිද්ධිය: අලාභය මිලියන 39යි - දැනට 53ක් අත්අඩංගුවේ

මිරිහාන ජනපති නිවෙස ඉදිරිපිට පැවැති විරෝධතාවක් අතරතුර බස් රථ සහ වාහන රැසක් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 53 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ මේවන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී

මෙම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් පිරිසක් හදුනාගෙන ඇති බවත් ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද ඔහු කියා සිටියා.

මේවන විට එම සිද්ධියෙන් දේපල වලට සිදුවී ඇති හානිය රුපියල් මිලියන 39ක් බවට ඇස්තමේන්තු කර ඇති බවත් එම සිද්ධිය පිළිබඳ තවදුරටත් විමර්ශණ සිදු කෙරමින් පවතින බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

ඊයේ රාත්‍රී ඇති වූ එම කලහාකාරි තත්ත්වය අතර තුරු පොලිස් බසයකට,යුද හමුදා බසයකට,ජීප් රථයකට, ත්‍රිරෝද රථ කීපයකට හා යතුරු පැදි කීපයකට විරෝධතාකරුවන් විසින් ගිනි තබා තිබුණා.

මෙම ගැටුමින් දස දෙනකු පමණ තුවාල ලබා තිබුණි. තුවාල ලැබූවන් අතර පොලිසියේ පස් දෙනකු ද සිටින බවත් ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතල බවත් පොලීසිය පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 01 April 2022 14:04