නුවරඑලිය මහ නගර සභාව විසින් අද (01) සිට මේ මස 30 දින දක්වා පවත්වන වසන්ත උදානය නතර කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසින් පිරිසක් වසන්ත උදාන සමාරම්භ උත්සව භූමියට කඩා වැදි ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.
නුවරඑලිය ග්‍රේගරි වැවෙහි මාගස්තොට ප්‍රදේශයේ අද (01) උදෑසන එම නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වසන්ත උදාන සමාරම්භක උත්සවය ආරම්භ වී තිබෙනවා.
එම උත්සව භූමියට පෙලපාලියකින් පැමිණි පිරිසක් උත්සව භූමිය තුල කලහකාරි ලෙස හැසිරෙමින් වසන්ත උදානය නතර කරන ලෙසට ඉල්ලා සිට තිබෙනවා.
ප්‍රදේශවාසින් උත්සව භූමියට ඇතුල්විම වැලැක්විමට පොලිස් නිලධාරින් දැඩි උත්සහයක නිරත වුවද ප්‍රදේශවාසින් මේ වන විට උත්සව භූමියට ඇතුල් වි කලහකාරි ලෙස හැසිරෙමින් පවතිනවා.