May 20, 2024

මහින්ද, නාමල් මිරිහානේ යයි (PHOTOS)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (01) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

මිරිහාන ප්‍රදේශයේ ඊයේ (31) රාත්‍රියේ විරෝධතාවයක් පැවැත්වුණා.

එම විරෝධතාවය අනතුරුව කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 05 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

පොලිසියට අයත් බස් රථයක්, ජීප් රථයක්, යතුරුපැදි දෙකක් සහ ජල ප්‍රහාරක රථයකට ද මෙහි දී හානි සිදුව තිබෙනවා.

මෙම විරෝධතාවයට 3000 කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර පසුව පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු විරෝධතාකරුවන් විසිර ගියා.

අගමැති මහින්ද ජනපතිගේ මිරිහානේ නිවසට (ඡායාරූප)

Rate this item
(3 votes)
Last modified on Friday, 01 April 2022 11:41